Friday, January 1, 2010

2010 වස‍ර ඇරඹුමත් සමඟ පැමිණි චන්ද්‍රග්‍රහණය

Posted by APN on 1/01/2010 01:13:00 AM



මොකක්ද මේ චන්ද්‍රග්‍රහණයක් කියල කියන්නෙ?

සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘතුවිය පැමිණීම හේතුවෙන් පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටෙන අතර එනිසා සඳ පෘතුවියට දර්ශණය නොවීම චන්ද්‍රග්‍රහණයක් කියල කියන්න පුළුවන්.


මේ තියෙන්නෙ සරල රෑප සටහනක්.


පහළ රෑප සටහන් වල පෙන්නල තියෙන්නෙ අද දවසෙ එහෙම නැත්නම් 2010.01.01 දින අළුයම අපට දිස් වුනු චන්ද්‍රග්‍රහණයේ විස්තර ටිකක්.



මටත් නිකන් හිතුන එළියට ඔලුව ටිකකි දාල බලන්න අපටත් මේක පේනවද කියල බලන්න. පහළ තියෙන්නෙ මගේ කැමරාව දැක්ක විදිහ. මම නම් පියවි ඇහින් මීට වඩා පැහැදිලිව දැක්ක. කොහොම උනත් මගෙ ෆොටෝ වලිනුත් යන්තම් ටිකක් විතර පේන්න තියෙනව කියල මට හියෙනව.


2010.01.01දින අළුයම 1.00ට පමණ මගේ කැමරාවට හසු වූ චන්ද්‍රග්‍රහණය.



2010.01.01දින අළුයම 1.00ට පමණ මගේ කැමරාවට හසු වූ චන්ද්‍රග්‍රහණය.


කොහොම උනත් චන්ද්‍රග්‍රහණ ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවනි.

0 comments:

Post a Comment