Sunday, November 29, 2009

සිංහල බ්ලොග් කරැවන්ගේ සංගමය

Posted by APN on 11/29/2009 11:59:00 PM



සිංහල බ්ලොග් කරැවන්ගේ සංගමය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යනු සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සිංහලෙන් බ්ලොග් ලියන්නන් එකමුතුවෙන් සෑදුනු සමූහයකි. සිංහල බ්ලොග්කරණයට අදාල ආධාර උපකාර (තාක්ෂණික, භාෂාමය, අන්තර්ගත) හුවමාරු කර ගැනීම, සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජයීය භූමිකාව, අයිතීන්, වගකීම් කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව පුලුල් කතිකාවතක් ගොඩනැංවීම සහ සිංහල බ්ලොග්කරුවන් සඳහා විවිධ සේවා නොමිලයේ සැපයීම යන කරුණු මොවුන්ගේ මුලික අරමුණු වේ.


සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, සිය සාමාජිකයන් සඳහා නොමිලයේ ලබාදෙන ප්‍රධානම සේවාව නම් සියලු සිංහල බ්ලොග් අඩවි එකම ස්ථානයකදී කියවීමට පහසුකම් ඇති අඩවියක් ඇති කිරීම මගින් එම බ්ලොග් අඩවි සඳහා පුලුල් පාඨක පිරිසක් සපයා දීමයි. "සිංහල බ්ලොග් කියවනය" නම් වන මෙම අඩවියේදී සංසදයේ සාමාජිකත්වය ලබා ඇති සියලු සිංහල බ්ලොග් වල ලිපි කාලානුරූප පිලිවෙලකට දිස්වන අතර එම සියලු බ්ලොග් අ‍ඩවි වල ලයිස්තුවක් ද ප්‍රදර්ශණය කෙරේ. මෙම බ්ලොග් කියවනය RSS මගින් හා email මගින් දායකත්වය ලබාගැනීමේ පහසුකම් ද සහිතය.

සිංහල බ්ලොග්කරුවන්ගේ ගුගල් සමූහය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හා සම්බන්ධ වීමට අපට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයට (Google Group) එක් විය හැකියි. මෙම ගූග්ල් සමූහය මගින් සියලු සාමාජිකයන් අතර සංවාද මණ්ඩපයක් ගොඩ නංවා ඇති අතර අපට ඇතිවන ගැටලු සඳහා අන් සාමාජිකයන්ගෙන් උදව් උපකාර ලබාගැනීමටත්, බ්ලොග්කරණයට අදාල යම් යම් දේ සාකච්ඡා කිරීමටත් ඉඩ සැලසා ඇත.

0 comments:

Post a Comment