Wednesday, November 25, 2009

සරැ ඵල නෙලා ගැනීමට නම්, ප්‍රවේශය වෙනස් කරගන්න.

Posted by APN on 11/25/2009 07:48:00 PM



ඔන්න එකමත් එක කාලයක එක රටක හිටියා මැදි වයසේ පසුවුනු කලමනාකාර මහතෙක්. තමාගේ මාසික බිල්පත් ගෙවා දමන්න විදිහක් නැතුව ඔහු හිටියේ අහස පොළොව ගැටලන්න කල්පනා කරමිනුයි. මේ බව දුටු ඔහුගේ හොඳම මිතුරෙක් ඔහුට කිව්වා ගිහින් ආර්ථික වි‍‍ශේෂඥයකුගෙන් උපදෙස් ගන්න කියලා දුරකතන අංකයකුත් ඔහුට ලබා දුන්නා. ඒ අනුව කලමනාකාරවරයා බොහෝම ගරැ කටයුතු ආර්ථික වි‍‍ශේෂඥයකුගෙන් උපදෙස් ලබාගැනීමට දිනයක් වෙන්කර ගත්තා.

මේ කියන කාර්යාලය පිහිටා තිබුනේ නගරයේ වීදි කොනක තිබුණු විශාල උස්වූ ගොඩනැගිල්ලක පහත මාලයේ. නියමිත දිනයේ නියමිත වෙලාවටම කලමනාකාර මහතා ආර්ථික වි‍‍ශේෂඥයාගේ මනරම් ලෙස සකසා තිබූ පිළිගැනීමේ කාර්යාලයට ගොඩවැදුනා. නමුත් පිළිගැනීමේ නිළධාරිනියක් හෝ වෙනත් කිසිවෙක් එහි සිටියේ නැහැ. ඔහු දුටුවේ ඇතුල්විය හැකි දොරවල් දෙකක්. . .

එක් දොරක “රැකියාවක නියුතු” යන වචනය ලියාතිබුණු අතර අනෙකෙහි තිබුනේ “ස්වයං රැකියාවක නියුතු” ලෙසයි. කලමනාකාරවරයා රැකියාවක නියුතු අයෙක් නිසා “රැකියාවක නියුතු” යැයි සඳහන් දොරටුවෙන් ඇතුලු වුනා. . . එහිදී ඔහුට තවත් දොරවල් දෙකක් හමුවුනා. එක් දොරක “වසරක ආදායම $40000 ට අඩු” සහ අනෙකේ “වසරක ආදායම $40000 ට වැඩි” ලෙස ලියාතිබුණි.ඉතින් මේ කලමනාකාරැ උපයන්නේ වසරකට $40000 ට අඩුවෙන් නිසා ඔහු පළමු දොරෙන් ඇතුල් වුනා.

එහිදී ඔහුට තවත් දොරවල් දෙකක් හමුවුනා. එහි වම් පස දොරෙහි “වසරක ඉතිරිය $2000 ට වැඩියි” ද දකුණු පස දොරෙහි “වසරක ඉතිරිය $2000 ට අඩුයි”ද යනුවෙන් සඳහන්ව තිබුණි. කලමනාකාරවරයා අවුරැද්දකට ඉතිරි කරල තිබුණේ $1000 ට අඩුවෙන්, නිසා ඔහු දකුණු පස දොරෙන් ඇතුල් වුනා. එතන තිබුනේ මහපාර. එතකොටයි ඔහුට අවබෝධ වුනේ අවසානයේ පැමිණ ඇත්තේ තමා මුලින් පටන්ගත් තැනටම බව.

සමාන දොරටුවලින් යොමුකරනුයේ සමාන ප්‍රතිඵලයන් වෙතය.

ඉහත කතාන්තරයේ කලමනාකාර මහතාට වෙනස් දොරවල් තෝරාගෙන ඒවා විවෘත කරගන්නා තුරැ දැනට වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට හැකි වන්නේ නැහැ. ලෝකයේ අපිට හමුවන බොහෝ මිනිසුන් මෙම කලමනාකාර මහතා වැනි අයයි. ඔවුන් තෝරාගෙන ඇතුලුවන්නේ තමන් ඇතුලුවූ තැනටම තමාව ආපසු රැගෙන එන මාර්ගවලටමයි.

සරැඵල නෙළා ගැනීමට අපේක්ෂා කරන අය කල යුතු එකම දෙය වෙනස් දොරටු තෝරාගෙන ඒවායින් ඇතුල්වීමයි. සැබැවින්ම සත්‍යය එය නොවෙයිද?

ඔබ සැමවිටම කරන්නේ එකම දේ නම් ඔබට සැමවිටම ලැබෙන්නේද එකම ප්‍රතිපලයකි.




ඔබ අයිති 95% කණ්ඩායමට ද? 5% කණ්ඩායමට ද?

ඉහත කතාවේ සඳහන් කලමනාකාර මහතා මෙන් බොහෝ මිනිසුන් වැටී සිටින්නේ තෙරක් නොපෙනෙන ආර්ථික ගැටලු නමැති අගාධයකටයි. එම කලමනාකාර මහතා මෙන්ම බොහෝ කාර්මික රටවල ජනයාගෙන් 95%ක් රැකියාවල නියැලි පුද්ගලයන්ය. ඔවුන් අවුරැද්දකට $40000කට වඩා අඩුවෙන් ආදායම් උපයන අතර අවුරැද්දකට ඉතිරි කරගන්නා තැන්පතුව $2000 පමණය.

බැලු බැල්මට මේ ඉලක්කම්වල ප්‍රමාණය සිත්ගන්නා සුලුයි. විශේෂයෙන්ම $40000ට වඩා අඩුවෙන් උපයන අයට මෙය ලොකු දෙයක් මෙන් පෙනෙන නමුත් සත්‍යය නම් 95%ක් පමණ මේ ලෝකයේ ශ්‍රමිකයෝ ඉදිරියට යන්නෝ නොවීමය. ඔවුන් යන්නන්වාලේ යන්නෝය.

අවුරැදු 65ක්වූ සාමාන්යෝ ඇමරිකානු පුරවැසියන් 100කගේ ආර්ථික තත්වය විදහා දැක්වෙන පහත සටහන දෙස බලන්න.



දැන් ඔබේ තත්වය කෙසේදැයි තක්සේරැ කර බලන්න. ඔබ ඔබේ ආර්ථික දොරටු විවෘත කරන්නේ 95% කණ්ඩායමට යොමුවන ආකාරයටද? එහෙම නැතිනම් 5% කණ්ඩායම වෙත යොමුවන ආකාරයටද?

  • වැඩකරන අතරතුර ක්‍රීඩා ගැන සිත් යොමනවාට වඩා ක්‍රීඩා කරන අතරතුර වැඩකටයුතු සැළසුම් කරගැනීමට සිතන්න.

  • ඔබේ සංචාරය හෝ විනෝද සවාරිය අතරමග නතරකර ආපසු පැමිණීමට තීරණය කිරීම ඔබේම අවශ්‍යතාවය මත සිදුවූ බව සිතාගන්න.

  • ඔබගේ මෝටර් රථයේ ණය වාරිකය, ඔබේ උගස්කරය සහ ඔබගේ ණයවර පත් බිල්පත් සෑම මාසයකම අවසානයේ ගෙවීමට සිතාගන්න.

  • මූල්‍යමය අතින් නිදහස් කැමති අයුරින් යමක් කරකියා ගැනීමට 5% කණ්ඩායමේ අයකු ලෙස සිතන්න.

අවසාන වශයෙන් ඔබගේ වටිනා ජීවිත කාලයෙන් පැයක් - මිනිත්තු 60ක් මෙවැනි අදහස් අඩංගු දෑ පරිහරනය කිරීමට ආයෝජනය කරන්න. . . එවිට ඔබට වැටහේවි, අනාවරණය වේවි ඔබ සැම විටම සොයමින් සිටිදේ කුමක්දැයි යන්න.


එය ධනවත් වීමේ රහසයි.

0 comments:

Post a Comment